IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගාල්ලේ ගංවතුර පාලනයට ගෙනා ව්‍යාපෘතියෙන් ගැටලු රැසක්

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල නගරයේ ගංවතුර පාලනය කිරීම මූලික කරගෙන ක්‍රියාත්මක වූ, මේ වනවිට අතරමග නවතා දමා ඇති මොරගොඩ ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ අසාර්ථක බව හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇතැයි අද (25) පැවති ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ඇළ දෙපස වසම් වල ග්‍රාම නිලධාරීවරු චෝදනා කළහ.

කුඩා වැස්සටත් ඇළ  දෙපස නිවෙස් යට වන බවත් කිහිප අවස්ථාවක මේ සම්බන්ධව දැනුවත් කිරීම් කළද පලක් නොවූ බවත් ඔවුහු පවසා සිටියහ.

එහිදී ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු හේතුවෙන් ප්‍රදේශයේ බෝක්කු කැඩි ජල මාර්ග අවහිර වී ඇති බවයි. ඇළ දෙපස බැමි සකස් කිරීමේදී කපා දැමූ පස් ඉවත් කර පස් ඉවත් නොකිරීම හේතුවෙන් ඇළ ගොඩවී ඇති බවත් එහිදී ප්‍රකාශ විය. 

ලෝක බැංකු ආධාර මගින් උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම යටතේ බස්නාහිර හා මහා නගර අමාත්‍යාංශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

එහිදී අදහස් දක්වමින් සම්බන්ධිකරණ කමිටු සම සභාපති ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසුවේය,

        "මේක සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක්, මම මේ ගැන ලෝක බැංකුවට ලියා දැන්වූවා. ගාල්ලේ මිනිස්සුන්ට මෙයින් අසාධාරණයක් වෙන බව කිව්වා. ව්‍යාපෘතිය අයින් කර ගන්නවා නම් අපිට මේකට විසඳුමක් දෙන්න පුළුවන්. දැන් මිනිස්සු බනින්නේ අපිට. මේ ව්‍යාපෘතියෙන් ගාල්ලට කළේ ලොකු අපරාධයක්."



අදහස් (0)

ගාල්ලේ ගංවතුර පාලනයට ගෙනා ව්‍යාපෘතියෙන් ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site