(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල, ඉහළගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ නිල සෙවණ කාර්යාලය සෑදීම සඳහා වන මුල්ගල්, ඉහළගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසම තුළ තැබීමට විරෝධය දක්වමින් චීන මිත්‍රත්ව ගම්මානයේ ගම්මු පිරිසක් අද(15) විරෝධතාවයේ නිරතවූහ.
මේ හේතුවෙන් නිල සෙවණ කාර්යාලය සඳහා මුල්ගල් තැබීමට එහි පැමිණි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාට අද එම කටයුතු සිදුකිරීමට නොහැකි විය.
විරෝධතාකරුවන්ගෙන් එක් අයෙක් මුල්ගල තැබීම සඳහා කපන ලද වලෙහි දිගාවී විරෝධය පෑවේය.
මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් මුල්ගල් තැබීමට පෙර මේ පිළිබඳව විරෝධතාකරුවන් සමඟ අද (15) සාකච්ඡා පැවැත්වුවද එය සාර්ථක නොවීය. විරෝධතාවයක් තිබේ නම් මෙම ස්ථානයේ මුල්ගල නොතබන බවත් ඉහළගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ නිල සෙවණ කාර්යාලය සඳහා මුල්ගල වෙනත් ඉඩමක තබන බවත් මෙහිදී හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා විරෝධතාකරුවන්ට ප්‍රකාශ කළේය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ගාල්ලේ ඉහළගොඩ මුල්ගල් තැබීමකට විරෝධයක්