IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ගාල්ලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදන්න නිසි යාන්ත්‍රණයක් නෑ

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

ගාල්ල දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රමවත් යාන්ත්‍රනයක් සමූපකාර සමිති වලට ඇතත් බෙදා හැරීම සඳහා අවශ්‍ය භාන්ඩ හිඟකම ප්‍රධාන ගැටළුව බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.

අද ( 02) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ අත්‍යාවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැවති සාකච්ජාවකදී මෙසේ කීය.

මෙහිදි වැඩිදුරටත් කරුණු දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ සතොසේ අවශ්‍ය අත්‍යාවශ්‍ය භාන්ඩ තොග පැවතියත් එහි බෙදා හැරීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් එම භාන්ඩ ජනතාවට බෙදා හැරීමේ ගැටළු මතුවී තිබෙන බවයි.

මෙහිදී සතොස ගාල්ල ප්‍රාදේශීය කළමනාකාරවරයා පවසා සිටියේ මෙම භාණඩ බෙදාහැරීම සඳහා තමන්ට කාර්යය මණ්ඩලය නොමැති බවත් අවශ්‍ය වාහන ද නොමැති බවයි.

එමෙන්ම තොග වශයෙන් සමුපකාර සමිතිවලට භාන්ඩ අලෙවි කිරීම සඳහා තමන්ට අවසරයක් නොමැති බවත් ප්‍රාදේශීය කලමනාකරු කීය.

මේ අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්වරයා සතොස කලමනාකරුගෙන් විමසා සිටියේ තමන්ට අත්‍යාවශ්‍ය භාන්ඩ බෙදාහැරීම වෙනුවෙන් කොතරම් වාහන සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේද යන්නයි.

මේ සඳහා පැහැදිලි පිලිතුරක් දීමට සතොස ප්‍රාදේශීය කලමනාකරු අපොහොසත් විය.

එමෙන්ම ඔහුගේ ඉල්ලීම පිට බූස්සේ පිහිටි ආහාර ගබඩාව සතොසේ ප්‍රයෝජනය සඳහා පවරා දෙන ලෙස කරන ලද ඉල්ලීමට දිසාපතිවරයා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද එහි වත්මන් තත්වය කුමක්දැයි යන්න දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා සතොස ප්‍රාදේශීය කලමනාකරුගෙන් විමසීය.

මෙම කාර්යය එකම අමාත්‍යාංශයකට අයත් කාර්යයක් බැවින් එම කටයුත්ත සඳහා තමන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් දිසාපතිවරයා කීය.

එවිට ඔහු පවසා සිටියේ මෙම කටයුත්ත පිලිබඳව ප්‍රධාන කාර්යාලයෙන් තමන්ට විමසීම අවශ්‍ය බවයි.



අදහස් (0)

ගාල්ලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදන්න නිසි යාන්ත්‍රණයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site