IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගාල්ල - අකුරැස්ස මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය අවසන්

(සුමතිපාල දීයගහගේ)

හබරාදුව බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් නිශ්පාදන කම්හලක් වසා දමන ලෙස ඉල්ලා බෝගහගොඩදී ගාල්ල අකුරැස්ස මාර්ගය අවහිර කරමින් අද (18) ප්‍රදේශවාසීන් පිරිසක් ආරම්භ කළ උද්ඝෝෂණය ගාල්ල සහකාර පොලිස් අධිකාරීවරයාගේ ඉල්ලීමක් අනුව පැය තුනකට පසු උද්ඝෝෂණය නතර කළහ.

උද්ඝෝෂකයෝ හමුවට පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයා මෙම කම්හල පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර නඩුවක් පැවරීමට කටයුතු කරන  බවට උද්ඝෝෂකයන්ට දුන් පොරොන්දුවක් අනුව තාවකාලිකව උද්ඝෝෂණය නතර කළහ.

පැය තුනකට අධික කාලයක් සිට පැවැති උද්ඝෝෂණයට ප්‍රදේශවාසින් තුන් සියයක් පමණ ගාල්ල අකුරැස්ස මාර්ගය බෝගහගොඩදී සම්පුර්ණයෙන්ම අවහිර කිරීම හේතුවෙන් රථවාහන ධාවනයටද බාධා එල්ල විය.



අදහස් (0)

ගාල්ල - අකුරැස්ස මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site