IMG-LOGO

ගාල්ලෙන් පැමිණිලි 185 ක්

(ජේ.කේ.එල් චාමින්ද)

ජනාධිපතිවරණය සම්බන්දව මැතිවරණ පැමිණිලි 185 ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම මස 12 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය  පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 166 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 3 ක් හා වෙනත් පැමිණිලි 16 ක් ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

ලැබී ඇති පැමිණිලි වලින් 28ක් අසභ්‍ය පැමිණිලි බවට අනාවරණය වී ඇති බවද  එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මින් වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 34ක් බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරිම,  සම්බන්ධව  වැඩි වශයෙන් පැමිණිලි ලැබි ඇති බව මෙම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට අමතරව මැතිවරණ කාර්යාලවල පෝස්ටර් හා කටවුට් ඉරා දැමිම සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 



අදහස් (0)

ගාල්ලෙන් පැමිණිලි 185 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 21 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 461 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 238 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site