IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයන් පිරිසක් මහනාහිමිවරු හමුවෙති

(චමිල් රූපසිංහ)

ව්‍යවස්ථාව අවශ්‍ය නැති බවත් ඒය බොරු වැඩක් බවත් ව්‍යවස්ථාව නොව රටට අවශ්‍ය වැඩ බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පැවැසුහ.

පසුගිය දිනක යාපනයේ ගිය අවස්ථාවක එහි මිනිසුන් පවසා සිටියේ අපට අවශ්‍ය වන්නේ නිදහසේ සාමකාමිව ජීවත් වන්නට මිස රට අල්ලන්ට අවශ්‍යතාවයක් නොමැති බවත් සාමාන්‍ය මිනිසුන් එසේ වුවත් අනික් අයගේ අදහස් එලෙස නොමැති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහනායකහිමියෝ පැවැසුහ.

අස්ගිරි මහානාහිමියෝ මේ බව පැවැසූවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත පිරිසක් අද (25) මහානාහිමිවරු බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ මෙසේ පැවැසුහ.

      ‘‘පිළිමයක් තැන්පත් කරන්න ගියාම ඒක තහනම් කලා ඒ පළාත් වල චෛතයක් පිලිමයක් බෞද්ධාගමික කටයුතු කරන්න ඉඩක් නෑ. දැන් මෙහෙ ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්නෙ. ඒගොල්ලො කෝවිල් හදනවා තවත් දේ කරනවා අපි විරුද්ධ නැනේ. නුමුත් අපිට ඒක නෑ. අන්න ඒක විශේෂයෙන්ම කියන්න ඕන.අපේ තියෙන ආකල්පය ඒ අන්තවාදී මිනිසුන්ගෙ නෑ.‘‘

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් හමුවූ අවස්ථාවේදී නාහිමයන් මෙසේ පැවැසුහ.

     ‘‘ඔබතුමන්ලා අපේ රටට හා අපේ ආරක්ෂක අංශ වලට ඔවුන් කළ ඇති චෝදනාවල ඇති අසත්‍යතාවය පෙන්වාදීමට යන එක අගය කළ යුත්තක්.ඩයස් පෝරාව කියන සංවිධානයත් ලෝකයේ විවිධ රටවලට ගිහින් ඒ අයගේ ජාතිය , අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ උදව් කරන්නේ. 30 අවුරුදු යුද්ධයෙදී සිදුවූ හා ඒ ආයුද ආම්පන්න ලබා දිල ඒ අය බලාගන්නෙ මේ ශ්‍රී ලංකාවේ කොටසක් කඩා ගන්න. මේ රට පුංචි රටක් අපි මේ රටේ සියලු ජාතින් ජීවත් වෙනව,ආගම අදහනව,ව්‍යාපාර කරනවා නුමුත් අපි විරුද්ධත්වයක් නෑ. නමුත් මේ උතුරු පළාතේ නැගෙනහිරත් එක්ක මේ සිංහල අය එහෙ ගිහිං ව්‍යාපාර කරනවට,ඉඩම් ගන්නවට ආගම් අදහනවට පිළිම දාගැබ් හදනවට විරුද්ධයි ඒක ප්‍රශ්නයක් නමුත් මෙහෙ එහෙම දෙයක් නෑ. නමුත් එහෙ අපිට බැ ඒක විශාල ප්‍රශ්නයක්.‘‘බව ද මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවැසුහ.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත පිරිස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැකපු අවස්ථාවේදී නාහිමියන් මෙසේ පැවැසුහ.

    ‘‘පහුගිය කාලයේ ජිනිවා කවුන්සලියේ සියලු ජන කොටස් වෙනුවෙන් කළ කාර්‍යභාරය පිළිබඳව ඔබලාට ස්තූති කරනවා.

අපේ රටට ජාත්‍යන්තරව අපට අත පොවන අවස්ථාවේදී  ත්‍රස්ථවාදය බෙදුම්වාදය නැති කලාට පසුව විවිධ අලුත් ක්‍රම වලින් අපේ රටට පීඩාවට පත් කරන්න යනවා. මානව හිමිකම් ආදි කරුණු යටතේ අපේ රණවිරුවන්ට විවිධ චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නට යන බව පේනවා.දැන් දෙමළ මුස්ලිම්  සියලු ජනතාව අතර ගැටුම් ඇති කරන  තත්වයට  කටයුතු කරනවා. බේරුවල තෙල්දෙනිය සිද්ධි මුල් කරගෙන අපේ රටේ ගැටුම්කාරී තත්වයක් ඇති කරල සිංහල මිනිසුන් අනිත් ජාතින්ට විරුද්ධව කටයුතු කරන බවට ඒත්තු ගන්වන්නට යනව. දැන් අන්තවාදී පිරිස් අපේ පිළිම කඩල විනාශ කරල ගැටුම්කාරි තත්වයක් ඇති කරලා. ජිනිවා වලට අපි ගැන වැරදි ආකල්පයක් ඇති කරන්න යන බව පේනව නමුත් අපේ බුද්ධිමත් බෞද්ධ ජනාතාව එසේ උනේ නෑ‘‘.



අදහස් (0)

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයන් පිරිසක් මහනාහිමිවරු හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32043 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11243 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 293 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site