IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගලගෙදර ආසන සංවිධායක ධූරයට විශ්‍රාමික මේජර් නිශ්ශංක පත්කරයි

(චමිල් රූපසිංහ)

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ ගලගෙදර ආසන සංවිධායක ධූරයට විශ්‍රාමික මේජර් ජනරාල් නිශ්ශංක රණවන මහතා පත්කර තිබේ.

මහනුවර විද්‍යාර්ථ හා මහනුවර ධර්මරාජ විද්‍යාල වලින් අධ්‍යාපනය ලබා තිබෙන ඒ මහතා 1985 වසරේදී දෙවන ලුතිනන්වරයකු ලෙස හමුදා සේවයට එක්ව ඇති අතර යුද හමුදාවේ මධ්‍යම ප්‍රදේශ බාර ආඥාපති ලෙසත් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙසත් කටයුතු කළ අතර 35 වසරක හමුදා සේවයෙන් විශ්‍රාම යන විට යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් (මාණ්ඩලික) ලෙස කටයුතු කර ඇත.

පිලිපීනයේ ආරක්ෂක විද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව පශ්චාත් උපාධියක් ලබා සිටින රණවන මහතා වසර 2012-2013 කාලයේ දී චීනයේ බීජිං නුවර ආරක්ෂක උපදේශක ලෙසද කටයුතු කර ඇත.

වඩමාරච්චි සටනේ සිට ක්‍රියාන්විත සේවයේ නිරතව සිටි ඒ මහතා ත්‍රස්තවාදය පරාජය කර රට මුදා ගන්නා අවස්ථාවේ යුද හමුදා පස්වන සේනාංකයේ නියෝජ්‍ය සේනාධිපති ලෙස කටයුතු කර තිබේ.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු ද වන ඒ මහතා මේවන විට සිය ආචාර්ය උපාධිය සම්බන්ධ අධ්‍යයන කටයුතු වල නිරතව සිටී.

එක්සත් ජාතික පක්ෂ උප ලේකම් රවී කරුණානායක,මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්,සභානායක,රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

ගලගෙදර ආසන සංවිධායක ධූරයට විශ්‍රාමික මේජර් නිශ්ශංක පත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site