IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගුරුවරියට බැන්න සැකකරු අත්අඩංගුවට

(ජයරත්න වික්‍රමාරච්චි)

නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ විද්‍යාලයක ප්‍රාථමික අංශයේ ගුරුවරියකට රාජකාරි අවස්ථාවේදී බැන වැදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අද(30) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.

ඉකුත් 29 දා සවස මෙම ගුරුවරිය විසින් ශිෂ්‍යත්ව විභාගයට අදාළව එම විදුහලේ අමතර පංතියක් පවත්වමින් සිටින අතරතුර සැකකරු එම ස්ථානයට කඩා වැදී ගුරුවරියට බැන වැදී ඇති බවට අදාළ ගුරුවරිය විසින් පැමිණිල්ලක් කර ඇතැයිද පොලීසිය පවසයි.

මූලික පොලිස් විමර්ශනවලට අනුව සැකකරුද අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ දරුවෙකුද මෙම ගුරුවරියගේ පංතියේ ඉගෙනුම ලබයි. 

සිද්ධිය වූ දා සවස පැවැති අමතර පංතියට සැකකරුගේ දරුවාද සහභාගි වී ඇත. මෙම අවස්ථාවේදී තම දරුවා නිවසට පැමිණීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් සැකකරු එම ස්ථානයට කඩා වැදී අදාළ ගුරුවරියට බැන වැදී ඇති බවට අනාවරණය වී බවත් පොලීසිය කියයි.



අදහස් (1)

ගුරුවරියට බැන්න සැකකරු අත්අඩංගුවට

sam Friday, 30 June 2017 08:54 AM

මේ වගේ සිද්ධි ගැන මැදහත් සිතින් කල්පනා කලයුතුයි. මමත් පහේ ශිෂ්‍යත්වයත්(1971), පහේ රාජකීය කනිෂ්ඨ ඇතුලත්වීමේ ශිෂ්‍යත්වයත්, හතේ ශිෂ්‍යත්වයත් සමත් වුණා. නමුත් පසුකාලීනව සාමාන්‍ය පෙළ, උසස් පෙළ කාලයේ මිසක් කවදාවත් ප්‍රාථමික කාලයේ කිසිම පෞද්ගලික හෝ පාසලේ විශේෂ පන්තියකට සහභාගී වී නැහැ. ඉස්කෝලේ ගිහින් ගෙදර ආපුවාම බත් කාලා කොහේ හරි සෙල්ලම් කරන්න ගියහම ආපසු එන්නේ ඉවසන්න බැරිතරම් බඩගිනි වුනහම මිසක් පාඩම් කරන්න තියන හින්දා නොවෙයි. අද කාලේ ළමයින්ට ළමා කාලයක් නැහැ . ඒක නැති කරන්නේ දෙමව්පියන් සහ ගුරුවරුන් බව මගේ හැගීමයි . .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31398 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13648 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11022 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1039 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site