IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුරුවරයකුට පහර දුන් තවත් ගුරුවරයෙකු ඇප මත නිදහස්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව සාලියවැව විද්‍යාලයේ ගුරුවරයෙකුට පාසල තුළ දී පහර දුන් එම විද්‍යාලයේම ගුරුවරයෙකු ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා අද (02) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හැරුනේ සාලියවැව විද්‍යාලයේ විද්‍යා විෂය භාර නුවන් අනුරාධ සෝමතිලක නැමති ගුරුවරයෙකි.

සැකකාර ගුරුවරයා අද (02) දහවල් පාසල් පුස්තකාලයට පැමිණ සන්නිවේදනය හා මාධ්‍යඅධ්‍යන විෂය ධාරාව භාරව කටයුතු කරනු ලබන එස්.එම්.පී.ජී. කිර්ති රත්න බංඩා මහතාට පහර දී ඇතිබවත් පහර කෑමට ලක්වූ ගුරුවරයා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.

පහර දීම සම්බන්ධව සැකකාර ගුරුවරයා සාලියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහිදී නැවත මෙම නඩුව 2020 පෙබරවාරි 25 දින කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකකාර ගුරුවරයා රුපියල් ලක්ෂය ශරිර ඇපයක් මත මුදා හැරිමට නියෝග කළේය.

මෙම පහර දීමට බලපා ඇත්තේ කලක පටන් පැවති ආරවුලක් බවත් එය පාසලේ සිදුවූ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධව පහර කෑමට ලක්වූ ගුරුවරයා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධව මේ වන විට ආරම්භ වී ඇති පරීක්ෂණයට පහර දීමට සම්බන්ධ ගුරුවරයා කුපිත වීමෙන් බව පහර කෑමට ලක්වූ ගුරුවරයා පුත්තලම රෝහල් පොලිසියට පැමිණිලි කර තිබේ. 

 

 



අදහස් (0)

ගුරුවරයකුට පහර දුන් තවත් ගුරුවරයෙකු ඇප මත නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 915 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site