IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගුරුවරයකුට පහරදුන්නැයි එළුවිල පාසලක ගුරුවරු- සිසුහු විරෝධයක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පානදුර එළුවිල ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ගුරුවරයකුට එම ප්‍රදේශයේ පුද්ගලයකු පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් අද(10) පාසල් ගුරුවරු, ආදි ශිෂ්‍ය සංගමය, මව්පියවරු සහ සිසුහු උද්ඝෝෂණයක නිරතවූහ.
 
පහර කෑ බව කියන ගුරුවරයා පානදුර මූලික රෝහලට ඇතුළත් වී ඇත.
 
ඊයේ(09) දහවල් පාසල නිම වී නිවස කරායමින් සිටි, එම විද්‍යාලයේ ආගම උගන්වන ගුරුවරයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නැයි  ඉල්ලා මෙම විරෝධතාව පැවැත්විණි.
 
මෙම උද්ඝෝෂණය පැයකට ආසන්න කාලයක් පැවැත්වුණු අතර මේ හේතුවෙන් පානදුර - කොළඹ මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල විය.
 
උද්ඝෝෂණයට පාසල් සිසුන් සහභාගී කරගැනීම වැරදි බවත්, එම ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන බවත්, පානදුර පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතා විරෝධයේ යෙදුණු පිරිසට පෙන්වා දුන්නේය. ඒ සමඟ සිසුන් පාසල වෙත යොමු කර උද්ඝෝෂණය නැවතූ පිරිස විසිර ගියහ.



අදහස් (0)

ගුරුවරයකුට පහරදුන්නැයි එළුවිල පාසලක ගුරුවරු- සිසුහු විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site