IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුරුවරුන් ඉල්ලා විරෝධතාවක්

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 

පස්වැනි ශ්‍රේණියට  ඉගැන්වීම සඳහා මාස එක හමාරක පමණ කාලයක සිට ගුරුවරයකු නොමැති බව පවසමින් ගුරුවරුන් ඉල්ලා දඹුල්ල පන්නම්පිටිය මලියදේව  ප්‍රාථමික විදුහලේ දරුවන්ගේ මව්පියන් සහ දරුවන් අද (08)  දඹුල්ල මාතලේ  ප්‍රධාන මාර්ගය පන්නම්පිටිය ප්‍රදේශයේ හරස්කොට විරෝධතාවයක නිරත වූහ.
 
මෙම හේතුව නිසා දඹුල්ල මාතලේ  ප්‍රධාන   මාර්ගයේ ලෙනදොර ප්‍රදේශයෙන් වාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් බාධා ඇති විය.
 
ගලේවෙල කලාපයට අයත් දඹුල්ල පන්නම්පිටිය ශ්‍රී මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් සහ දෙමව්පියන් විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් කෑකෝ ගසමින් සටන්පාඨ කියමින් ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධතාවයේ නිරතවූ අතර  වීනාඩි 40 ක පමණ කාලයක් යනතුරු කිසිදු අධ්‍යාපන බලධාරියෙකු එම ස්ථානයට නොපැමිණියේය.
 
ඔවුන් පාලනය කිරීමට පොලීසිය දැඩි උත්සාහයක නිරත විය.
 
පස්වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගය සදහා ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටි ගුරුවරයා  මීට මාස එකහමාරකට පමණ ඉහත දී ස්ථාන මාරු කොට ඊට ගුරුවරයකු ලබා නොදුන් බව  බව ඔවුහු පවසති.
 
 ගුරුවරු ලබාදුන් බවට කලාප කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දුන්නද මෙතෙක් එවැනි කිසිදු ගුරුවරයකු පැමිණ නැති බවත් විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන බවද ඔවුහු චෝදනා නගන්නට වූහ.


පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා එම ස්ථානයට පැමිණ දෙමාපියන් සහ කුඩා දරුවන් සමග සාකච්ඡාකොට  ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි  හෙට්ටිආරච්චි මහත්මිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන  ඇය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලබන සදුදා දිනය වන විට ස්ථානමාරු ගිය ගුරුවරයා එම පාසලට ලබාදීමට කැමැත්ත පළ කළ බව සඳහන් කළේය,


මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඒ බව දෙමාපියන්ට මෙන්ම උද්ඝෝෂණයේ නිරත ව සිටි කුඩා දරුවන්ටද දැනුම්දුන්නේය. ඒ අනුව පැයකට අධික කාලයක් ප්‍රධාන මාර්ගය වසා සිටී සිසු සිසුවියන් සහ දෙමව්පියෝ ප්‍රධාන මාර්ගයෙන් ඉවත්ව වාහන ගමනාගමනයට ඉඩ ලබා දීම සිදු කෙරිණි.



අදහස් (0)

ගුරුවරුන් ඉල්ලා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site