IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගුරුවරුන් ඉල්ලා දෙමාපියෝ මහ පාරට

(චතුරංග සදරැස්ගම)

මෙවර පැවැත්වෙන උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණු දෙන දරුවන් හට අධ්‍යාපනය ලබා දීම සදහා විෂයන් කිහිපයකට ගුරුවරුන් හිඟ බැවින් එම විෂයන් සඳහා ගුරුවරුන් කඩිනමින් පාසලට ලබා දෙන ලෙස ඉල්ලමින් ඇලයාපත්තුව මහ විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (21) විලච්චිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

ඇලයාපත්තුව මහ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින දරුවන් හට මාස කීපයක සිට භුගෝල විද්‍යාව, සිංහල, චිත්‍ර, කෘෂිකර්මය විෂයන් සදහා ගුරුවරුන් නොමැති බවත් ඒ හේතුවෙන් මේ වන විට එම ළමුන්ගේ අධ්‍යාපන මට්ටම හා මානසික තත්ත්වය පහත බැස ඇති බව ද උද්ඝෝෂකයෝ පවසති.

උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පාසලේ විදුහල්පති ඩී.ජේ.ඒ.අල්විස් එදිරිසිංහ මහතා පැවසුවේ අවශ්‍ය ගුරුවරුන් සඳුදා සිට පාසලට ලබා දෙන බවට කලාප කාර්යාලය තමන්ට දැනුම් දුන් බවයි.


 



අදහස් (0)

ගුරුවරුන් ඉල්ලා දෙමාපියෝ මහ පාරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2362 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1733 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site