IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ග්‍රාම නිලධාරීයා අල්ලස් දැලට කොටුවෙයි

(ඉන්දිකා රාමනායක)

ඡන්දහිමි නාමලේඛනයට  නම් ඇතුළත් කිරීම සදහා අතුරුගිරියේ පුද්ගලයකුගෙන් රුපියල් 3000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජාකාරි කරමින් සිටි ග‍්‍රාම නිලධාරිවරයකු  අද(17) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව කියයි.

පැමිණිලිකරු ගේ සහ ඔවුගේ බිරිඳ ගේ නම් ඡන්දහිමි නාම ලේඛනයට  ඇතුළත් කිරීම සඳහා සැකකරු මෙම මුදල් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ  විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් මත   අල්ලස් නිලධාරීන් සැකකරුට මෙම මුදල ලබා දීමට පැමිණිළිකරුවන් එකඟ කරවාගෙන ඇති අතර  අද දහවල්  එම කාර්යාලයේ දී සැකකරු  පැමිණිලිකරුගෙන් මෙම මුදල ලබාගත් අවස්ථාවේ අල්ලස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (0)

ග්‍රාම නිලධාරීයා අල්ලස් දැලට කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 696 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2367 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site