(එෆ්.අස්ලම්)
ගෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට කැපුම් තුවාල සිදුකරමින් කෲර සහගතව ඝාතනයට ලක්වූ බදුල්ලේ ගෞරීදේවි ඝාතනයේ සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා ඉදිරියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සාක්කිකරුවන් 6 දෙනා විසින් හඳුනා ගනු ලැබීය.
බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පදිංචි රවීඅංගප්පන් ගෞරිදේවි(48) නැමති දෙදරු ඝාතන සිද්ධියට බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විද්‍යානන්දන් ලෝගනාදන්(31) හෙවත් ආනන්ද් යන සැකකරු බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙරට්ටුවට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව ඝාතකයා කාන්තාව ඝාතනය කර ඝාතනය සිදුවූ නිවසේ සිටියෙදී දුටු අසල්වාසී කාන්තාව,ඝාතනය සදහා උපයෝගී කරගත් පිහිය මිලදී ගත් වෙළදසැලෙහි සේවකයා, මත්පැන් මිලදී ගත් සුරාසැලේ හි සේවකයා, ඝාතනය සිදුකර නගරයට ගිය ත්‍රීරෝද රථයේ රියදුරු, රෝල්ස් මිලදී ගත් ස්ථානයේ සේවකයා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් සාක්කිකරුවන් ලෙසින් සැකකරු හදුනාගැනීම සදහා ඉදිරිපත් කළහ.
සියලු සාක්කිකරුවන් සැකකරු හඳුනා ගනිමින් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ ලබා දුන්හ. අපරාධයක් වළක්වා ගැනීම සහ අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට දායක වීම සඳහා සාක්කිකරුවන් දැක්වූ දායකත්ව අගය කළ බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සිදුකළ කැපකිරීම ද අගය කළහ.
ඒ අනුව ලබන (4) වැනිදා දක්වා නඩු විභාගය කල් තැබිණි. මුදල් හා මංකොල්ල කෑමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතන සැකකරු ඝාතනය වූ කාන්තාවගේ සැමියාගේ ඥාති සොහොයුරෙකි.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගෞරීදේවී ඝාතනයේ සැකකරුවන් 6 දෙනා පෙරට්ටුවේ දී හඳුනාගනී