IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගිය වසරේ උසස් පෙළ ඇගයීම් ගාස්තු ගෙවා නැතැයි චෝදනාවක්

(නිමල කොඩිතුවක්කු)   
                            
2018 වසරේ අගෝස්තු මස පැවැති  අධ්‍යනය පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ අතිරේක ශාලාධිපති හා ඇතැම් විෂයන්ගේ උත්තර  පත්‍ ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්ගේ ගාස්තු මෙතෙක් ගෙවා අවසන් කර නැතැයි ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.  
                          
පමා කර ඇති එම සියලූ දීමනා කඩිනමින් ගෙවන ලෙසත් එසේ නොකරන්නේ නම් අදාළ ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කරයි.   
                                           
2018 වසරේ අගෝස්තු මස පැවැති  අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට  නිකුත් කර ඇති අතර එය නැවත සමීක්ෂණ  සඳහා වන අයදුම්පත් බාර ගැනීම ද පසුගිය 16 වනදායින් අවසන් විය. 
                              
එවැනි තත්වයක් තුළ විභාග රාජකාරී හා උත්තර පත‍්‍ර ඇගයීම් ගාස්තු ගෙවීම ප‍්‍රමාද කිරීමෙන් ඉදිරියේදි විභාග දෙපාර්තමේන්තුව  විසින් පවත්නා ජාතික ඇගයීම් කි‍්‍රයාවලියට සැලකිය යුතු බලපෑම් ඇතිවිය හැකි බවද ජයසිංහ මහතා පෙන්වා දෙයි.                                     
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම්වරයා සහ විභාග කොමසාරිස්වරයා ඇතුළු සියලූ බලධාරීන් දැනුවත් කර ඇතැයිද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

 
 
  

 

 



අදහස් (0)

ගිය වසරේ උසස් පෙළ ඇගයීම් ගාස්තු ගෙවා නැතැයි චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site