(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ සාරවත් වෙල්යායක ගොයමක් යන්ත්‍ර සුත්‍ර යොදාගනිමින් හොරෙන් කපා අස්වැන්න එදිනම නිවසට ගෙනගිය පුද්ගලයෙකු අත්අඩංගුවටගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙම අස්වැන්න හොරරහසේ කපාගෙන ගොස් ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
එම ප‍්‍රදේශයේම පුද්ගලයෙකුට අයත් මයියාව ප‍්‍රදේශයේ තම අක්කර භාගයක පමණ කුඹුරේ අසවැන්න නෙලීමට ආසන්නව තිබියදී එම කුඹුර පරික්ෂා කරන විට එහි ඉපනැල්ල පමණක් දක්නට ලැබීමෙන් මවිතයට පත්ව තමන්ට සිදුව ඇති කරදරය පිළිබදව පොලීසියට පැමිණිලි කර තිබේ.
ඒඅනුව පොලීසිය කළ පරික්ෂණ අනුව සැකකරු හදුනාගෙන හොර රහසේ කපාගත් අස්වැන්නේ වී මිටි 20ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අස්වැන්න නෙලීම සදහා කුලීපදනම මත ලබාගත් වී වගා අස්වැන්න නෙලීමට යොදාගන්නා භූතයා නැමති ගොයම් කැපීම සඳහා භාවිතා කරන යන්ත‍්‍රය භාවිතා කර ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොයමක් කපා වී අස්වැන්න හොරෙන් ගෙන ගිය අයෙක් අත්අඩංගුවට