IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ගම්මාන දෙකක බෝග වනඅලි විනාශ කරති

(කාංචන කුමාර ආරියදාස)

ඇදිරි නීතිය සහ අලුත් අවුරුදු උදාවත් සමඟ ගම්වැදුණු පහළොස් දෙනෙකුගෙන් යුත් වන අලි කණ්ඩායමක් ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් හබරත්තාවල සහ නවාගස් හින්න යන ගම්මාන දෙකේ භෝග විශාල වශයෙන් විනාශ කර දමා ඇතැයි ගොවීහු කියති.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව මෙම ගම්මාන දෙක පිහිටා තිබේ.
කෙසෙල් ,පොල් ,ගෝවා ,කරවිල ,කොස්, කැකිරි ආදී එළවළු වගාවන් විශාල වශයෙන් රැයවල් දෙකකින් විනාශ කර දැමූ බව ගොවීන් පෙන්වා දෙති.

එක පුද්ගලයෙකුගේ පමණක් ඉඩමේ තිබූ පොල් ගස් 110 එක රැයකින් විනාශ කර ඇත.

ගම්මාන දෙකේම පොල් ගස් 350ක් පමණ සම්පුර්ණයෙන් විනාශ කර ඇති බව ඔවුහු පවසති.

ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මෙම වන අලි රංචුව සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ ගම් වැදීමට පටන් ගත් බවත් මේ වන තුරුත් ග්‍රාමසේවක නිලධාරියා හෝ වනජීවී නිලධාරීන් හෝ කිසිදු වගකිව යුතු අයකු සොයා බැලීමකට වත් නොපැමිණි බවට ද ගම්මුන් චෝදනා කරති.

රටේ ආහාර අර්බුදයක් පවතින අවස්ථාවක අක්කර සිය ගණනාවක අස්වනු නෙලීමට ඇති මෙම භව භෝග මිනිසුන්ගේ පරිභෝජනයට ලබාගැනීමට ආසන්නව තිබියදී මේ ආකාරයෙන් විනාශ වීම නිසා ගොවීන් ආර්ථික වශයෙන් හානියට ලක්ව රටේ ජනතාවට ද ආහාර බවට පත් නොවූ බව ගොවීන් කියති.

ගල්කිරියාගම වනජීවී කලාපයට අයත් මෙම ප්‍රදේශ වල සිටින 15 කින් යුත් වන අලි රංචුව පලවා හැර ඉතිරි බෝග ටිකවත් බේරා දෙන්නැයි ගොවීහු වනජීවී අමාත්‍යංශයෙන් ඉල්ලීමක් ද කර සිටිති.

 



අදහස් (0)

ගම්මාන දෙකක බෝග වනඅලි විනාශ කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2452 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site