(තිලකරත්න දිසානායක සහ අධිකරණ ටෝනි කරුණානායක)
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් උඩුගම්පොළ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි පිරිසක් පලවාහැරීමට එහි ආරක්ෂක නිලධාරියා කටයුතු කර ඇතැයි ගම්පහ පොලීසිය කියයි.
අද (28) පෙරවරුවේ මෙය සිදු වීතිබේ.
මුහුණ ආවරණ කළ හෙල්මට් සහ ජැකට් පැළද යතුරු පැදියක පැමිණ ඇති තිදෙනෙකු බැංකුව ඉදිරියට පැමිණ ඇති අතර අයෙකු යතුරු පැදියෙහි සිටියදී අනෙක් දෙදෙනා බැංකුවට ඇතුලුවීමට තැත් කිරීමේදී එක් පුද්ගලයෙකු අත පිස්තෝලයක් සහ අනෙකා අත කඩුවක් තිබෙනු දුටු බැංකු ආරක්ෂක නිලධාරියා ඔවුන්ට වෙඩි තැබීමට සුදානම් වෙනවාත් සමඟ ම කොල්ලකරුවන් දිව ගොස් යතුරු පැදියට නැගී ගම්පහ දෙසට පළා ගොස් ඇති බව එම බැංකුවෙහි නිලධාරිනියක් පැවසුවාය.
මේ සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය මගින් කළ පරීක්ෂණ මත කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය අස්ගිරිය, ඇනිකට් හන්දිය අසල දමාගොස් තිබියදී සොයා ගෙන ඇති අතර එහි අංක තහඩු ගලවා දමා ඇති බව පොලීසිය පවසයි.
කොල්ලකරුවන් පැමිණි ආකාරය බැංකුවෙහි ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති බවත් කොල්ලය සදහා පැමිණි යතුරු පැදිය සොරකම් කළ එකක් බවට සැක කරන බවත් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා තිබිණි.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගම්පහ බැංකු කොල්ලයක් වරදී