(තිලකරත්න දිසානායක.)
වැඩි මිලට බිත්තර අලෙවි කරනු ලබන වෙළඳසල් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය අදත් පියවර ගනු ලැබූ බව ඒකක ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය.
මේ අනුව අද දිනයේ ගම්පහ, අස්ගිරිය, උඩුගම්පොල, සීදූව සහ මීගමුව යන ප්‍රදේශයන්හි සිදු කළ වැටලීම්වලදී පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් හය දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම් සිදු කොට ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගම්පහ අදත් බිත්තර වැටලීම්
Vimukthi Wednesday, 24 August 2022 09:24 AM
දුප්පත් කඩ හිමියෝ තමයි මීට අහුවෙන්නෙ. වැඩි මිලට බිත්තර නිශ්පාදකයන්ගෙන් මිලට ගත්. ටිකක් හිතන්න.
Chinthaka Wednesday, 24 August 2022 03:41 PM
ඔය එක්කම ගම්පහ මිරිස්වත්ත පැත්තටත් එනවද?
Asela Thursday, 01 September 2022 09:48 PM
කඩවත රාගම පාරේ නැලිගම හංදියේ ෆාම්ෂොප් එක දිහා බලාගෙන යන්න.