IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ගිනි අවි පෙන්වා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුට සිර දඬුවම්

(දිලීප් ජයසේකර)
 
වසර 8කට පෙර මහ දවල් අම්බලන්තොටදී ගිනි අවියක් හා පිහියක් පෙන්වා කථිකාචාර්යවරයෙකු හා ඔහුගේ බිරිඳ බිය ගන්වා මුදල් හා දේපළ කොල්ලකෑ සැකකරුවෙකුට වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 30,000ක දඩ මුදලක් හා රුපියල් 60,000ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (28) නියෝග කළේය.
 
මෙලෙස දඩ මුදල්, වන්දි හා සිර දඬුවම් නියම වූයේ අම්බලන්තොට මහආර පදිංචි 41 හැවිරිදි ප්‍රියන්ත රාජපක්ෂ නැමති දෙදරු පියෙකුටය.
 
සැකකරු 2011.05.21 වන දින තවත් තිදෙනෙකු සමග යතුරු පැදි දෙකකින් පැමිණ  අම්බලන්තොටදි ගිනි අවියක් හා පිහියක් පෙන්වා කථිකාචාර්යවරයෙකු, ඔහුගේ බිරිඳ, දරු දෙදෙනා හා ඔවුන්ගේ යහළුවෙකු බිය ගන්වා ඔවුන් සතුව තිබූ රුපියල් 230,000ක මුදලක්, රුපියල් 11,000ක් වටිනා ජංගම දුරකතනයක්, රුපියල් 9,500ක වටිනා ජංගම දුරකතනයක්, රත්‍රං වළලු දෙකක්, රුපියල් ලක්ෂයක් වටිනා රන් මාලයක්, රුපියල් 12,000ක් වටිනා රන් පෙන්ඩනයක් කොල්ලකා පලා ගොස් තිබේ.
 

කථිකාචාර්යවරයා අම්බලන්තොට පොලිසියට කළ පැමිණිල්කට අනුව සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදි පැවති මූලික නඩු විභාගයෙන් පසු සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 9ක් යටතේ හම්බන්තොට මහාධිකරණයේ නඩු පවරනු ලැබීය. මහාධිකරණයේ නඩුව ආරම්භ වු මුල් අවස්ථාවේදීම 1, 3 හා 4 යන සැකකරුවන් තිදෙනා වරද පිළිගැනීමකට ලක් කෙරුණි. ඉන් පසු නඩුව විභාග වෙමින් පවතින අතරතුරදි දෙවන චුදිත වු ප්‍රියන්න රාජපක්ෂ නැමැත්තාද චෝදනා 6කට වරදකරු බවට අධිකරණයේදී වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා සැකකරුට දඬුවම් නියම කළේය.
 
ඒ අනුව මංකොල්ල කෑම, සොර බඩු සන්තකයේ තබා ගැනීම, ගිනි අවියක් පෙන්වා බිය ගැන්වීම, මාරක ආයුධයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 6කට සැකකරු වැරදිකරු බවට නියම කෙරුණි.
 
ඒ අනුව එක් චෝදනාවකට එක් වසරක සිර දඬුවමක් බැගින් චෝදනා 6 සඳහා වසර 6ක බරවැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි. එම වසර 6ක සිර දඬුවම වසරක කාලයක් තුළ සමගාමීව ගෙවී යායුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා නියම කෙරුණි. මීට අමතරව එක් චෝදනාවකට රුපියල් 5,000 බැගින් චෝදනා 6 සඳහා රුපියල් 30,000ක දඩ මුදලක්ද නියම කෙරුණි. එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6 බැගින් මාස 36ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි. මීට අමතරව අගතියට පත් කථිකාචාර්ය වරයාට, ඔහුගේ බිරිදට හා මිතුරාට රුපියල් 20,000 බැගින් රුපියල් 60,000ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරුණි. වන්දි මුදල් නොගෙවන්නේ නම් පෙර දඬුවම්වලට අමතරව තවත් වසර දෙකක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය. මීට අමතරව විත්තිකරු බන්ධනාගාරය තුළ සිටින වසරක සිර දඬුවම් කාලය තුළදි දඩ හා වන්දි මුදල් ගෙවුවේද නැද්ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් සැකකරු නිදහස් කරන ලෙසටද මහාධිකරණ විනිසුරු වරයා අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනිතීඥ ඉංදිකා නෙළුම්විල මහත්මිය පෙනීසිටියාය.



අදහස් (0)

ගිනි අවි පෙන්වා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුට සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32456 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14954 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9908 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 109 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 393 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site