( අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර සහ ආර්. ගමගේ)
කොළොන්න කෑල්ලගම හන්දියේ අද (08) අලූයම ඇතිවූ ගින්නකින් වෙළදසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී එහි බිම් මහලේ තිබූ නිවසින් අඩක්ද ගින්නට හසුව හානිවී ඇති බව කොළොන්න පොලීසිය පවසයි.
ගිනිගෙන ඇත්තේ ආරියදාස දහනායක නම් ව්‍යාපාරිකයාට අයත් තොග සහ සිල්ලර බඩු වෙළද සැලේ අහාර වර්ග, සාප්ප බඩු, එහි කොටසක තිබූ මිලදී ගන්නා ලද කුරුදු, ගම්මිරිස්, පොප්පරා ආදියයයි. යතුරුපැදියක්ද ගින්නෙන් පිළිස්සී ඇත.
ගින්න නිසා වෙළදසැළ සම්පූර්ණයෙන්ම එහි තිබූ භාණ්ඩ සමඟ පිළිස්සී අලූ බවට පවත් තිබේ. නිවසේ කොටසක් ගින්නේ පිළිස්සී ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත. සිදුව ඇති අලාභය රුපියල් කෝටි දෙක ඉක්මවා ඇතිබවට අනුමාන කෙරේ. කොළොන්න පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගින්නකින් වෙළෙඳසලක් මුළුමනින්ම විනාශයි