IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ගින්නකින් ගොඩගම වෙළඳසැලක් විනාශයි

(කේ. බුද්ධික කුමාරසිරි)
 
හෝමාගම, ගොඩගම පනාගොඩ ප‍්‍රදේශයේ බස් රථ අමතර කොටස් වෙළඳසලක අද (21) ඇති වූ ගින්නකින් එම වෙළඳසල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
 
මෙම වෙළඳසලේ පිටුපස කොටසින් දුමක් පිටවනු දැක අසල්වාසීන් ඒ පිළිබඳව වෙළඳසලෙහි අයිතිකරුවන් දැනුවත් කර පසුව අයිතිකරුවන් අතුරුගිරිය පොලිසිය දැනුවත් කර ඇත.
 
ඒ අනුව පොලිසියෙන් කළ දැනුම්දීමකට අනුව කොළඹ සහ කෝට්ටේ මහා නගර සබා ගිනි නිවීම් ඒකක සහ හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකයද පනාගොඩ යුධ හමුදා කඳවුරේ ජල බවුසර් රථ ද එම ස්ථානයට පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළද ඒ වන විටත් වෙළඳසල සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබූ බවද පොලිසිය පවසයි.
 
ගින්න ඇති වීමට හේතුව කඩාකප්පල්කාරී කි‍්‍රයාවක්දැයි සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අතුරුගිරිය පොලිසිය කියයි.
 
පනාගොඩ  - ඇඹුල්ගම ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ මෙම ගින්න ඇති වූ බැවින් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබිණි.
 
සිදු වූ අලාභය පිළිබඳව මෙතෙක් ගණනය කර නැත.
 
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

ගින්නකින් ගොඩගම වෙළඳසැලක් විනාශයි

මරක්කලයා Monday, 21 October 2019 05:26 AM

අයිතිකරු මුස්ලිම් නම් විදුලි කාන්දුවක්, වෙන කෙනෙක් නම් ගින්න ඇති වීමට හේතුව කඩාකප්පල්කාරී කි‍්‍රයාවක්දැයි සොයන්න ඕන.

:       1       120

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site