හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම අට්ටවිල්ලුව රක්ෂීතයේ අද සවස ඇතිවි ගිය ගින්නකින් අක්කර 50ක් විනාශ වි ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
මෙම ගින්නෙන් පුත්තලම කුරුණැගල මාර්ගයේ කල්අඩිය ආසන්නයේ පිහිටි අට්ටවිල්ලුව රක්ෂිතයේ මාර්ග දෙපසම ගිනි ගෙන තිබු අතර ඒ සමගම රක්ෂීතය ආසන්නයේ පිහිටි නිවාස සංවර්ධන අධිකාරියට අයත් ලදු කැළෑ බිමකට ද ගින්න පැතිරී තිබිණි.
අද (10) දහවල් කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් මෙම ගිනි තැබිම සිදු කරනු ලැබ ඇති බවටත් එසේ සැකකරන්නට හේතුව වි ඇත්තේ අට්ටවිල්ලුව රක්ෂීතයේ දෙපසම එකවර ගිනි ගැනිමට කිසිදු හේතුවක් නොමැති විම බවත් පුත්තලම දිසා වන නිළධාරි ඩි.එම්. බි. එම්. බංඩාර මහතා පවසයි.
පවතින නියං තත්ත්වයත් සමග පරිසරය වියලී යාම නිසා ගින්න කඩිනමින් ව්‍යාප්ත වි ගොස් තිබුණි.
පුත්තලම නගර සභා ගිනි නිවන එකකයත්, පුත්තලම තම්බපණ්නී නාවුක කඳවුරේ ගිනි නිවන එකකයත් පැමින ප්‍රදේශවාසීන් හා වන සංරක්ෂණ නිලධාරීන් ද සමග මහත් පරීශ්‍රමයක් දරා ගින්න නිවා දැමිමට කටයුතු කළ බව පොලිසිය කියයි.





2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්නකින් අට්ටවිල්ලුවේ අක්කර 50ක් විනාශයි