IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගිනිඅවි-ආයුධ සමග අපරාධ කල්ලියක 4ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොන්ත්‍රාත් ක්‍රමයට මිනිස් ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක පුද්ගලයන් 4 දෙනෙකු ගිනි අවි, අත්බෝම්බ සහ තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පිළියන්දල දම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

අත්අඩංගුවට පත්වූවන් අතර හිටපු හමුදා සෙබළෙකුද වන බව පොලීසිය කියයි.

එම පුද්ගලයන් සමග ගිනි අවියක්, ජීව උණ්ඩ 12ක්, අත් බෝම්බයක් සහ කිනිසි 2ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු ඉකුත් ජනවාරි මස පිළියන්දල ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක ප්‍රධාන සැකකරුවන් බව පොලීසිය කියයි.

එම ඝාතනයෙන් පසු ඔවුන් දෙදෙනා ඩුබායි වෙත පලාගොස් මීට මසකට හා දින 2කට පෙර මෙරටට පැමිණි අය බව පොලිසිය කියයි.

මොවුන් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලාන අංජු නැමැත්තාගේ ගෝල බාලයින් බවද කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ කැලණිය, පෑලියගොඩ, මාතර සහ වැලිගම පදිංචිකරුවෝ ය.  



අදහස් (0)

ගිනිඅවි-ආයුධ සමග අපරාධ කල්ලියක 4ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site