IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගිංතොට තුනීලෑලි භූමිය ඉදිපිට විරෝධතාවක්

( ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ගාමිණී මහදුර)
 
රජය සතුව තිබූ ගින්තොට තුනී ලෑලි සංස්ථාවට අයත් අක්කර දාහතක් පෞද්ගලික අංශයට විකුණා දැමීම එරෙහිව සහ එම  ඉඩම නැවතත් රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා පෝද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු මහා ජනතාව ගිංතොට තුනීලෑලි භූමිය ඉදිරිපිට දී අද (27) දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
 
ගිංතොට තුනීලෑලි සංස්ථාව සුරැකීමේ එකමුතුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි .විරෝධතා කරුවන්  තව දුරටත් කියා සිටියේ දැනට සක්‍රීය  තත්වයේ  පවතින ගිංතොට තුලී ලෑලි කම්මලේ 200 පමණ වන  සේවකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයට ද මෙමඟින් හානි වන බවයි.
 
එම නිසා විරෝධතා කරුවන් ඉල්ලා සිටියේ මෙම ව්‍යාපාරය හා ඊට අයත් ඉඩම නැවතත් රජයට පවරා ගෙන කටයුතු කරන ලෙසයි.මෙම විරෝධතාවයට බද්දේගම සමිත, උක් වත්තේ   චන්දිම,උළුවිටිකේ සෝමරතන, තංගල්ලේ අනුරුද්ධ,අම්බලන්ගොඩ සුමේධානන්ද,බෙලි අත්තේ සුනීත යන නායක හිමිවරුන්,බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා සභාපති දිල්රුක්  අබේකෝන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ගයාන් ගීතික ලියනගේ,සුගත් කලංසූරිය,ප්‍රේමලාල්  අබේසේකර    බී. කේ. ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු ,හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්මු ආරියවංශ,චානක මාදුගොඩ , නලින් හේවගේ යන මහත්වරුන් සහ  ඉස්ලාමීය ඉදිරිපත් වීමේ කමිටුවේ සභාපති අබ්දුල් කාදර්  මොහොමඩ් රියාස් මහතා ඇතුළු ප්‍රදේශවාසීන්බොහෝ පිරිසක් එක් ව සිටියහ.


 



අදහස් (2)

ගිංතොට තුනීලෑලි භූමිය ඉදිපිට විරෝධතාවක්

ruwan Monday, 27 January 2020 06:11 AM

වැඩ කරන අපෙ විරුවා .....

:       15       0

kule Monday, 27 January 2020 07:58 AM

මහජනතාව පාරට බස්සවලා රජයකට බලපෑම් කරනවට වඩා වග කිවයුතු රජයක් වශයෙන් මෙවැනි දේවල් සොයා බලා රටත් ජනතාවටත් අවශ්‍ය ආකාරයට ප්‍රශ්න විසදිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site