(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස හඟවා, කාන්තාවන් අලෙවිකිරීමේ යෙදුණු ස්ථානයක් වටලා කාන්තාවන් සිව්දෙනෙකු සමඟ එහි කළමනාකරු අද(25) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
පානදුර පාලම අසළ බොල්ගොඩ ගඟ අද්දර පිහිටි හෝටලයක් වටලා මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 30ක පමණ අය බවද, ඔවුන් කලුතර, රංවල, දොම්පේ හා මැදමුලන පදිංචිකාරියන් බවද පොලිසිය කියයි.
රාත්‍රී කාලයේදී විවිධ පිටස්තර පුද්ගලයන් මෙම ස්ථානයට පැමිණෙන බවත්, අවට පාසල් ගණනාවක් පවතින බැවින් මෙම ස්ථානය ගැටලුවක් වී ඇති බවත් පොලිසියට නිර්නාමික ලිපි ලැබී තිබූ බවද, එය සැලකිල්ලට ගනිමින් මෙම වැටලීම කර ඇති බවද පොලිසිය කියයි.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් ලබාගත් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් උපාය දූතයකු යොදවා පසුව වැටලීම කර ඇත.
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පුවරු ප්‍රදර්ශනය කර ඇතත් කිසිදු ලියාපදිංචි වෛද්‍යවරයකු හෝ ආයුර්වේද අවසර පත්‍රයක් හෝ නොතිබූ බවත්, මෙය ගණිකා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් නිලධාරියෙක් කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගණිකා මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට
sigithi kalubovila Monday, 28 October 2019 01:01 AM
වැටලුවොත් තමයි අසුවෙන්නෙ. නැතිනම් හැම තැනම තියෙන්නෙ වෙන වෙනත් නම් වලින් ඕවා තමයි. පොලීසිවලට ඉතිං ඕවම කර කර ඉන්නත් බැහැ නොවැ.