IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගැටළුවලට විසඳුම් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා

(මොහොමඩ් ආසික්)

ග්‍රාම නිලධාරින්ට බලපාන ගැටළුවලට ඉක්මනින් විසඳුම් ලබා නොදෙන්නේ නම් සියලු වෘත්තීය සමිති එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය පවසයි.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති කේ.ඒ.එස් කොඩිකාර මහතා මේ සම්බන්ධයෙන් අද (10) මාධ්‍ය වෙත මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ කොඩිකාර මහතා, රජයේ සියලු සේවාවන්ට සේවා ව්‍යවස්ථාවක් තිබුණත් ග්‍රාම නිලධාරිසේවයට පමණක් සේවා ව්‍යවස්ථාවක් නැති බවත්  විධිමත් සේවා ව්‍යවස්ථාවක් නොමැති වීම නිසා විවිධ ගැටළු මතු වන බවත් ඔහු කීය.

මේ වන විට සේවා ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත සකස් කර තිබුණත් වැටුප  සහ බඳවා ගැනීමේ මූලික සුදුසුකමට වෘත්තිය සමිතිවලට තවමත් එකඟ වෙන්න  බැරි වී ඇති බවත් ඔහු කීය.

පසුගිය කාලයේ  වැටුප් පරිවර්ථන සිදු වන අවස්ථාවේදී  ග්‍රාම නිලධාරින්ට අසාධාරණයක්  සිදුවී ඇති බවත්  2/97, - 15/2003, - 2009/7 යන වැටුප් පරිවර්ථන තුනේදීම ග්‍රාම නිලධාරින් රාජ්‍ය කළමණාකරණ සේවයට වඩා වාර්ෂිකව රුපියල්  6600 ක  ඉහළ වැටුප් තලයේ. නමුත් 6/2006  වැටුප් පරිවර්ථනයේදී ග්‍රාම නිලධාරින්ගේ වැටුප රාජ්‍ය කළමණාකරණ සේවයට වඩා පහළට ගිය බවත් මේ වැටුප් විෂමතාවය නිවැරදි කර ඒ එන වැටුප මූලික වැටුප විය යුතු බවත් ඔහු කීය.

රාජ්‍ය පරිපාලනයේ ග්‍රාමීය මට්ටමේ ඉන්න ප්‍රධාන නිලධාරියා වන ග්‍රාම නිලධාරීන්ට මෙවැනි ගැටළු රාශියක් සමඟ සිය රාජකාරිය කරන්නට සිදුව ඇති බැවින් මේවාට ඉක්මන් විසඳුන් ලබා නොදෙන්නේ නම් සියලු වෘත්තිය සමිති එක්ව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බවත්  ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති කේ.ඒ.එස්. කොඩිකාර මහතා කීය.

 



අදහස් (0)

ගැටළුවලට විසඳුම් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site