වසන්ත චන්ද්‍රපාල
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අම්පාර තානායමක පැවැත්වූ සමුගැනීමේ සාදයක දී තානායමට පිටින් පැමිණි පිරිසක් සමඟ ඇතිවූ ආරවුලකින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්පාර පොලිසිය පවසයි.
සිද්ධියෙන් විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු සහ ගැටුමට මැදිවු පුද්ගලයකු තුවාල ලබා තුවාල ලබා තිබේ.
විශ්ව විද්‍යාල සිසුන් සාදය පවත්වන අතරතුර බාහිරව පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු බලහත්කාරයෙන් එම සාදයට ඇතුළු වී නටන්නට ගෙන ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කිරිමට යාමේ දී සරසවි සිසුවකුට බෝතල් ප්‍රහාරයක් එල්ල කිරිම හේතුවෙන් ගැටළුකාරී තත්ත්වය හට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පසුව අම්පාර පොලිසියේ නිළධාරින් එම ස්ථානයට පැමිණ තත්වය පාලනය කර තිබේ. දැනට මෙම සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙක් සහ ඔවුන් පැමිණි මෝටර් රථය අම්පාර පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගැටුමකින් අග්නිදිග සරසවි සිසුන් තිදෙනෙකු රෝහලේ