(ඩයනා උදයංගනී)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ දින කිහිපයක් තිස්සේ පවතින ‘ගජ’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ සැඩ සුළං හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 220කට අයත් 2,793 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට්, වේලනායි, කයිට්ස්, කරෙයිනගර්, යාපනය, නල්ලූර්, කෝපායි, චන්කනයි, සන්දිලිපායි, උඩුවිල්, තෙලිප්පලෙයි, චාවකච්චේරි, කරවෙඞ්ඩි, පේදුරුතුඩුව, මරුතන්කර්නි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති.
‘ගජ’ සුළි කුණාටුව හේතුවෙන් නිවාස 16කට පූර්ණ හානි ද නිවාස 483 කට අර්ධ හානි ද සිදුව ඇත.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 57කට ද මෙම සැඩ සුළඟින් හානි සිදුවී තිබේ.
අවතැන් වූ පවුල් 14කට අයත් 45 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන දෙකක රඳවා සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ගජ’ සුළි කුණාටුවෙන් යාපනයේ 2800ක් පීඩාවට