(දිලීප් ජයසේකර)
තණමල්විල නගරයේ අතුරු මාර්ගයකදී රුපියල් 50,000ක මුදලකට ගංජා කිලෝ එකක් අලෙවි කිරිමට ගිය තිදරු පියෙකු සුරියවැව විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද (15) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තණමල්විල පදිංචි 47 හැවිරිදි තිදරු පියෙකි.
සැකකරු කලක් තිස්සේ ගංජා ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු බවත් මීට පෙර අවස්ථා කිහිපයදීම ගංජා ජාවාරම් වල නිරතව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයෙකු බවත් මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි තිබේ.
සැකකරු වියළි ගංජා කිලෝ එකක පාර්සලයක් රුපියල් 50,000ක මුදලකට අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී තණමල්විල නගරයේදී අත්අඩංගුවට පත්ව තිබේ.සැකකරු සම්බන්ධයෙන් ලත් තොරතුරක් මත සුරියවැව විශේෂ කාර්ය බළකා නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ විශේෂ කාර්ය බළකා නිළධාරීන් එනු දුටු සැකකරු අසල තාප්පයකින් පැන දිව යාමට උත්සාහ කර ඇති අතර එහිදි වහා ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බළකා නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා තණමල්විල පොලිසියට බාර දි තිබේ.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට