IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගංජා සමඟ අත්අඩංගුවට ගත් කොස්තාපල් ලක්ෂ දෙකහමාරක ශරීර ඇප මත මුදාහරියි

( එම් .සුසිල් ප්‍රියන්ත )

ගංජා  සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කල පොලිස් කොස්තාපල්වරයකු  රුපියල් ලක්ෂ දෙකහමාරක ශරීර ඇප මත් මුදාහරින ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (17 ) නියෝග කලේය.

මෙසේ ශරීර  ඇප මත මුදාහරිනු ලැබුවේ ගල්කිස්ස පොලීසියට අනුයුත්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් වන කරන්දෙනිය තුනේ කණූව ප්‍රදේශයේ පදිංචි හෙට්ටිපතිර කංකානම්ගේ සසිර පිනිදිය වීරසිංහ නමැත්තාය.

සිය සේවා ස්ථානයෙන් ලැබුනු කෙටි නිවාඩුවට ගමට පැමිනි මේ කොස්තාපල්වරයා  ළග ගංජා ඇතැයි ලැබුනු තොරතුරකට අනුව කරන ලද වැටලීමේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා ලග තිබී ගංජා ග්‍රැම් එකසීය හැත්තඅට සොයාගත් බව කරන්දෙණිය පොලීසිය කීවේය.

කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ උප පොලිස් පරීක්ෂකවරුන් වන එස් .රන්ධීර, කිත්සිරි මෙන්ඩිස් යන නිලධාරීන් විසින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි .



අදහස් (0)

ගංජා සමඟ අත්අඩංගුවට ගත් කොස්තාපල් ලක්ෂ දෙකහමාරක ශරීර ඇප මත මුදාහරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31695 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14160 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1125 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site