IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගංජා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

අඹේපුස්ස   අවට ප්‍රදේශයේ සැරිසරමින් කලක් තිස්සේ සංවිධානාත්මකව රහසිගතව හමුදා සෙබලුන්ට ගංජා අලෙවි කිරීමේ යෙදුණු බව කියන ත්‍රිරෝද රියදුරකු ගංජා ග්‍රෑම් 300 ක් සමග අද (20) අත්අඩංගුවට ගත් බව  මීරිගම පොලිසිය කියයි.

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්. ප්‍රියන්ත මහතාට ලත් තොරතුරක් අනුව අඹේපුස්ස මොට්ටෑවවත්තේ වෙසෙන මෙම සැකකරු හමුවට උපාය දූතයකු ලෙස පොලිස් නිලධාරියෙකු යවා ගංජා මිලදී ගැනීමෙන් පසු ඒ අවට රැකවල් ලා සිටි පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව සැකකාර ත්‍රිරෝද රථ රියදුරාගේ නිවසේ කාමරය පරීක්ෂා කිරීමේදී තවත් ගංජා තොගයක් තිබී පොලිසියට හමුවී ඇත. සැකකරු හමුදා සෙබලුන් ඉලක්ක කරගනිමින් කලක් තිස්සේ ගංජා අලෙවියේ යෙදී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු ගංජා ලබාගන්නා ආකාරය අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂන පැවැත්වෙන අතර සැකකරුට එරෙහිව ගංජා ජාවාරම් කිරීම යටතේ මහාධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. සැකකරු හෙට (21) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීීමට නියමිතය.

 



අදහස් (1)

ගංජා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

අප්පුහාමි Sunday, 21 July 2019 01:14 AM

ගංජා හෙවත් කංසා කියන්නේ ඉතා වටිනා බෙහෙතෙක්.මේ වර්ගය පාවිච්චිකල ආදී සිංහලයා මේ රටේ විශාල වාරිමාර්ග හා වැව් දාගැබ් වැනි ඉදිකිරීම් කලා. රට යටත්කර ගත් විදේශිකයින්ට මෙන් තුවක්කු නොතිබුනත් ශරීර ශක්තියෙන් ඔවුන්ට පහරදීමට සිංහලයින්ට හැකිවුනා.මෙය නොඉවසූ සුද්දන් සිංහලයාගේ ශක්තිය නැතිකිරීමටත් දේශීය වෙදකම නැතිකිරීමටත් මෙරටේ කංසා තහනම් ද්‍රව්‍යයක් කලා. තහනම පැනවූ සමහර රටවල් මේවනවිට තහනම ඉවත්කරගෙන ඇතත් අපරටේ මෙතෙක් තහනම ඉවත්කරගෙන නැහැ..මට හිතෙනවා සිංහල බෙහෙත් වර්ගයක් වන ගංජා හෙවත් කංසා වගාවට අවසර දුන්නොත් මෙරටට ගෙනෙන විදේශ මත්කුඩු වර්ග අඩුවේවි කියල.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site