(ඩබ්.ඒ පියතිලක)
ලක්ෂ 50 කට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි ගජමුතු හතරක් සමඟ පුද්ගලයෙකු හිගුරක්ගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගත්බව පොළොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පැවසීය.
පොළොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය භාරයට ගත් ගජමුතු තවමත් ගජමුතු දැයි හඳුනාගෙන නොමැති අතර ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමෙන් පසු තහවුරු කරගන්නා බව එම ඒකකයේ නිලධාරියෙක් පැවසීය.
මැදිරිගිරියේ සිට හිගුරක්ගොඩ පුද්ගලයෙකුට අලෙවි කිරීම සඳහා ගජමුතු හතරක් රැගෙන එන බවට පොලොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් එකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ගජමුතු සහ සැකකරු හිගුරක්ගොඩ පොලිසියට භාරදුන් බව පොළොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගජමුතු හතරක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
chandima Tuesday, 21 January 2020 04:58 PM
ඇත්තටම ගජමුතුද? නැතිනම් චීන බඩුද?