(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කළාඔයේ ජලය පිටාර ගැලිමත් සමඟ ගගේවාඩිය ධිවර ගම්මානය සදහා විශේෂ සහන කදවුරක් අද( 23) දහවල් සිට ආරම්භ කළ බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
රජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හා අනිකුත් ප්‍රදේශ වලින් ගලා එන ජලය කළාඔයේ ජල මට්ටම සිග්‍ර ලෙස ඉහළ ගොස් තිබු ආපදා කලමණාකරන ඒකකය පවසයි .
මේ හේතුව නිසා කළාඔය පුත්තලම කලපුවට වැටෙන අවසන් ස්ථානයේ පිහිටි ගගේ වාඩිය ධිවර ගම්මානයේ කොටසක් සම්පුර් ණයෙන් ජලයෙන් යටවි ඇති බව වානතවිල්ලුව ප්‍රදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා පවසයි.
ගගේවාඩිය ජනතාව පවසා සිටියේ දින 15 කට වැඩි කාලයක සිට තම ගම්මානයේ ධිවර පවුල් 40 කට ආසන්න පිරිසක් ධිවර රැකියාව අහිමි විම නිසා දැඩි අසිරුතාවයකට පත්වි ඇති බවය . මෙවර නත්තල පවා සැමරිමට තමන්ට අහිමි වි ඇති බව ඔවුහු කියති.
සුන්දර කඩොලාන පරිසරයකින් පිරී ගගේවාඩිය ධිවර ගම්මානය සංචාරකයින්ගේ නෙත් වශි කල ස්ථානයක් උවද මේ වන විට මේ ගම්මානයේ ජනතාව පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ අසරණ වි ඇති බව කියයි.
පවතින තත්ත්වය සොයා බැලිම සදහා අද (23) ගගේවාඩිය ධිවර ගම්මානයට පුත්තලම ආපදා කලමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජීත් අලහකෝන් මහතා සමග වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් චතුරක ජයසිංහ , පුත්තලම ප්‍රාදේශීය වාරි මාර් ග අධ්‍යක්ෂ දිලිප හෙට්ටිආරච්චි , ගගේවාඩිය නාවික කදවුරේ අණදෙන නිළධාරි වාරයා ඇතුළු නිළධාරින් ගගේවාඩිය ධිවර ගම්මානයට පැමිණ තිබුණි. .
කෙසේ නමුත් ගගේවාඩිය ධිවර ගම්මානයේ ජනතාව සදහා කඩිනමින් තාවකාලික සහන කදවුරක් ගම්මානයේ දේවස්ථානය කෙන්ද්‍ර කර ගනිමින් ආපදා සහන සේවා නිළධාරින් යොදවමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ..
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගගේවාඩිය ධිවර ගම්මානයට විශේෂ සහන කඳවුරක්