
(එස්. ඩි. කොඩිකාර)
සිංහරාජ පිටදෙණිය ගිංගඟේ ආරණුව දොළ මෝදර දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අද (02) මියගොස් ඇති බව නෙළුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 21 හැවිරිදි පරණවිතානගේ හිරුවින්ද සේසත් ෆොන්සේකා නැමැති ඊරියවැටිය ,කැළණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලිසිය කියයි.
කැළණිය ප්‍රදේශයේ සිට 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (01) සිංහරාජ පිටදෙනිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක දිනක් ගත කර නැවත ගම්බිම් බලා යෑමට පෙර එම කණ්ඩායමේ සිව්දෙනෙකු ගිං ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේ දී එක් තරුණයෙකු මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
ප්‍රදේශයට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම වැඩි වූ හෙයින් මියගිය තරුණයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවත් සිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ සහය පතන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිංගඟේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට