(ඉන්දිකා රාමනායක)
ගංජා මිලි ග‍්‍රෑම් 1510 ක් සන්තකයේ තබාගෙන සිටි වැලිකඩ බන්ධනාගාරයේ නියමකවරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
වැලිසර ළය රෝහලේ ප‍්‍රතිකාර ලබන වැලිකඩ බන්ධනාගාර සිරකරුවකු සහ සැකකරුවකු බාරව රෝහලේ සිටි මෙම නිලධාරියා ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියයි.
සැකකාර නියමක සම්බන්ධයෙන් බන්ධනාගාර අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවද චන්දන ඒකනායක මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd