( බන්දු තඹවිට සහ සුනිල් බද්දෙවිතාන)
දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පුහාඹුගොඩ ග්‍රාමනිලධාරී වසමේ ඇටෝරවිල ප්‍රදේශයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයක් ආශ්‍රයෙන් කොරෝනා ආසාධිතයන් 23 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ කියයි.
අම්මාවරුන්ගේ දානයකට සහභාගී වූ මවකට කොරෝනා ආසාධනය වී ඇති බව හෙළිවීමත් සමග එම කිරි දානයට සම්බන්ධ පිරිස් ආශ්‍රයෙන් සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ආසාධිතයන් පිරිස හඳුනාගෙන ඇත.
මේ හේතුවෙන් එම ප්‍රදේශයට ඊයේ (5) සංචරණ සීමා පනවා වසා දැමීමට කටයුතු කල බව දොඩන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංග බලපිටිය මහතා පවසයි.
COMMENTS
සර්ල දැන් කරන්නෙ මතුවෙන පොකුරු වලට නම් තිය තිය බලන් ඉන්න එක විතරයි. රටේ මිනිස්සු පරීක්ෂණාගාර මීයො කරල කිසිම ප්‍රමිතියක් නැති එන්නත් සහ බේත් වර්ග දෙන එක කරනවා.
පැරැණි පාරම්පරික ක්‍රමයටනම් තව පඳුරක් ගැටගසා මේ දානය කල්දාගන්න තිබුනා කොරෝනා රෝගය රටින් තුරන් වෙනතුරු...
කිරි පොකුරට අපෙන් සුබ පැතුම්
එක රටක් එක නීතියක් ...
මේ වයිරසයේ භයානක කම තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න තුරු අනිකුත් ජීවිත ද අනතුරේය.මේ වයිරසයෙන් බේරීම රජයකට කල හැකි දෙයක් නොවෙයි .රට අගුලු දැම්මත් මෙවන් ක්‍රියා නිසා ඉන් වන සෙතක් නැත.