
(රංජිත් රාජපක්ෂ )
බහින්බස්වීමක් දුරදිග ගොස් කොටගල වතුයායක කාන්තාවන් තිදෙනෙකු අතර අද (19) ඇති වු ගැටුමකින් එක් කාන්තාවක් මියගොස් ඇතැයි හැටන් දිඹුල පතන පොලිසිය පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ හැටන් කොටගල ෆොරොස්ට් ක්‍රික් වතු යායේ පදිංචි විශ්වනාදන් අම්මා නැමති කාන්තාවකි.
පහර දුන්නේ යැයි කියන අනෙක් කාන්තාවන් දෙදෙනා මව සහ දියණිය බවත් , ජිවිතක්ෂයට පත් 42 හැවිරිදි කාන්තාව අසල්වැසි කාන්තාවක් බවත් තොරතුරු අනාවරය වී ඇතැයි පොලීසිය කියයි.
ඔවුන් කොටගල ෆොරොස්ට් ක්‍රික් වතු යායේ එකම වතු නිවාස පේලියක පදිංචිකරුවන් පිරිසකි.
ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් සැකකාර මව සහ දියණිය මුගරකින් පහර දිමෙන් පසු විශ්වනාදන් අම්මා නැමති කාන්තාව මෙලෙස මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd