(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලදිවයිනට ප්‍රති අපනය කිරීම සඳහා, කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ බහාලුම්වල ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා බියර් කෑන් තොගයක් සොරාගත් පුද්ගලයකු කොටහේන ගබඩාවකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එම සැකකරු සමඟ බියර් ටින් 1200ක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු වරායේ තාවකාලික රියදුරකු බවත්, සිංගප්පූරුවේ සිට මාලදිවයිනට ප්‍රති අපනයනය කිරීම සඳහා තබා තිබියදී බහාලුම් දෙකක මුද්‍රා කඩාගෙන සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙම සොරකම සඳහා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රේගු නිවාරණ අංශයේ නිලධාරීන්ට බාර දී ඇත.


2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොළඹ වරායෙන් බියර් සොරාගත් අයෙකු අත්අඩංගුවට
saminda Thursday, 16 January 2020 06:53 AM
මේකට වාරයේ ආරක්ෂක අංශත් සම්බන්ධ ඇති. එයත් අත් අඩංගුවට ගන්න. එළිපිට පගාව ගන්න අයට දඩුවම් දෙන්න ඕන.