IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ මහජන පුස්තකාලයට ඩිජිටල් පහසුකම්

(බිඟුන් මේනක ගමගේ)

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය රාජ්‍ය ආයතන හා ඒකාබද්ධවී කරගෙන යන  ව්‍යාපෘතිය යටතේ කොළඹ මහජන පුස්තකාලයත් ඩිජිටල් පහසුකම් ලබා දී තිබේ.  පුස්තකාලවල ඩිජිටල් සේවා සැපයීම ලෙසින් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ මහජන පුස්තකාලයට පහසුකම් දී තිබේ.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඇතුලු පිරිසක් මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීමේ අවස්ථාවට සහභාගී වූහ.

පුස්තකාල වලට ඩිජිටල් පහසුකම් දීමේ ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව, කුරුණෑගල, බදුල්ල, මඩකලපුව, රත්නපුර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල මෙවැනි ඩිජිටල් පහසකම් සහිත පුස්තකාල පිහිටුවීමට නියමිතය.

මේ යටතේ පුස්තකාල සාමාජිකයන්ට නව ඩිජිටල් සාමාජික පත් හිමි වන අතර පොත් කියැවීම, බැහැර ගෙන යාම ඇතුලු සියලු සේවාවලට අදාළ තොරතුරු විද්යුත් ක්‍රමය අනුව එක්රැස් කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ පාඨකයන්ගේ පරිහරණය සඳහා ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක ඇතුලු උපකරණ මෙන්ම ඩිජිටල් ක්‍රමයට තොරතුරු සෙවීම සඳහා අදාළ සම්බන්ධතාද සැපයේ. එසේම ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් මුදල් ගෙවා පිවිසිය යුතු ජාත්‍යන්තර ප්‍රමිතියේ ඇතැම් වෙබ් අඩවිවලට මුළුමනින්ම පිවිසීමට අවස්ථාව ද මෙම පහසුකම් යටතේ පාඨකයන්ට හිමි වේ.

ඡායාරූප - ශාන්ත රත්නායක

 



අදහස් (0)

කොළඹ මහජන පුස්තකාලයට ඩිජිටල් පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site