IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹ පාසලක සිසුන් පිරිසක් සිසුවෙකුට සහ සිසුවාගේ පියාට පහරදෙති

(ආරියරත්න රණබාහු)

කොළඹ ප‍්‍රසිද්ධ පිරිමි විදුහලක විදුහල්පතිගේ කාර්යාලය තුළදී  සිසුන් පිරිසක්  සිදුකළ පහර දීමකින් සිසුවෙකු සහ ඔහුගේ පියා  බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි.

පහර කෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ එම විදුහලේ උසස් පෙළ කලා අංශයේ සිසුවෙක් හා ඔහුගේ පියා බවද පොලිසිය කියයි.

විදුහලේ ශිෂ්‍ය නායකයන් පිරිසක් සිසුවාට කිහිප අවස්ථාවකදීම පහර දී ඇති අතර මෙම සිසුවාගේ දෙමාපියන් සිසුවා සමඟ විදුහල්පතිවරයා  හමුවීමට ගොස් විදුහල්පති කාර්යාලයේ රැඳි සිටියදී එහි පැමිණ ඇති සිසුන් පිරිසක් සිසුවාට පහරදී ඇති බවත් සිය දරුවාට එල්ල කරන ප‍්‍රහාර වැළැක්වීමට උත්සහ කළ සිසුවාගේ පියාට සහ මවට සිසුන් පහර දී ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිද්ධිය වන අවස්ථාවේ විදුහල්පතිවරයා  පාසලේ සිට නොමැති අතර විදුහල්පතිවරයා පැමිණෙන තෙක් කාර්යාලයේ රැඳී සිටියදී සිසුන් පිරිස මෙම පහරදීම සිදුකර ඇති බවද  පොලිසිය කියයි.

විදුහලේ සිසුන් සහ ගුරුවරුන්  බලා සිටියදීම සිසුන් සහ ශිෂ්‍ය නායකයන් පිරිසක් මෙම පහරදීම සිදු කර ඇති බවට පහර කෑමට ලක් වූ සිසුවාගේ මව කළ පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධියෙන් තුවාල ලැබූ  සිසුවා සහ ඔහුගේ පියා කොළඹ ජාතික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් පසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන්  කුරුදුවත්ත පොලිසියේ කළ විමසීමකදී එහි උසස් නිලධාරියකු පැවසුවේ  සිසුවාට හා ඔහුගේ දෙමාපියන්ට පහර දුන් සියලූ සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.



අදහස් (0)

කොළඹ පාසලක සිසුන් පිරිසක් සිසුවෙකුට සහ සිසුවාගේ පියාට පහරදෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site