(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොළඹ මහ නගර සභාවට වරිපනම් ගෙවීමට පැමිණෙන මහජනතාව බෙහෙවින් අපහසුතාවයට පත්වන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ දින පැතිර ගිය කරුණ පිළිබඳව නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මියගේ අවධානයට ලක් කෙරිණි.
ජනවාරි පළමුවන දින සිට ජනවාරි 31 වන දින දක්වා 2020 මුළු අවුරුද්දේම වරිපනම් මුදල එකවර ගෙවන ජනතාවට 10% ක වට්ටමක් නගර සභාව මඟින් ලබාදෙන බැවින්, මෙම මස 31 වැනිදාට ප්‍රථම තම වරිපනම් මුදල් ගෙවිම සඳහා මහජනතාව වෙනදාට වඩා වැඩි පිරිසක් පැමිණ ඇත.
මෙම හේතුව නිසා වරිපනම් ගෙවීමට ඇති ස්ථානයේ ඉඩකඩ සීමිත බැවින් මහජනතාව යම් අපහසුතාවයකට පත්වී ඇති බව එතුමියට මෙහිදී දැනගන්නට ලැබිණි. එතුමියගේ උපදෙස් පරිදි මේ වන විට මුදල් ගෙවිම සඳහා අතිරේක කවුන්ටර් ප්‍රමාණයක්ද මහජනතාවගේ පහසුව සඳහා සකසා ඇත.
මහජනතාව අපහසුතාවයකට පත් නොවන ආකාරයට කාර්යක්ෂමව තම සේවාවන් හැකි උපරිම අයුරින් ජනතාවට ලබා දෙන ලෙසට එතුමිය විසින් මෙම අවස්ථාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කොළඹ නගර සභාවට වරිපනම් ගෙවීමට එන ජනතාව ගැන නගරාධිපතිනිගේ අවධානය