
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ කුරුණෑගල මාර්ගයේ ගල්කන්ද හන්දිය අසල දී අද (04) ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ වත්තල මහබාගේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසීය.
මෙම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් සහ පුද්ගලයෙකු දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම පිරිස අවමංගල්‍යය උත්සවයකට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මිනුවන්ගොඩ පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 04
732
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ කුරුණෑගල මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට