IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹින් සොරා ගෙන ආ සිගරට් ගාල්ලේ විකුණන්න ගිය අයෙක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳසල් රැසක් බිඳ සොරකම් කරන ලද සිගරට් ගාල්ල ප්‍රදේශයේ වෙළඳසල්වලට අලෙවි කිරිමට රැගෙන පැමිණි සැකකරුවකු සිගරට් 60,000 ක් සමඟ අත්අඩංගුවට ගත් බව  වාරය පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ  හිනිදුම ඕපාත වැල්ලකොරටුව පදිංචි යුද හමුදාවෙන් ඉවත් කරන ලද  26 හැවිරිදි  සැකකරුවෙකි.

පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මහරගම, හෝමාගම, දෙහිවල ආදී ප්‍රදේශවල වෙළඳසල් රැසක් බිඳ සිගරැට් හා මුදල් සොරකම් කර ඇති අතර එසේ සොරකම් කරන ලද සිගරට් අලෙවි කිරීම සඳහා ගාල්ලට ගෙනැවිත් ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී වරාය පොලිස් වසමේ සිදු කරන ලද ගෙවල් බිඳුම් කිහිපයක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

කොළඹින් සොරා ගෙන ආ සිගරට් ගාල්ලේ විකුණන්න ගිය අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site