IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්

( තුසිත කුමාර ද සිල්වා)

කෙත්හේන ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රාදේශිය  විදුලි බල මණ්ඩලයේ හදිසි නඩත්තු කටයුතු සහ ජල පවිත්‍රාගාරය නඩත්තු කටයුතු හේතුවෙන් හෙට 08 පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැය 10ක කාලයක් ජලය පාරිභෝගිකයින්ට බෙදා හැරීම සිදු නොකරන බව කළුතර ජාතික ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. සී සමරනායක මහතා පවසයි.

බෙන්තොට, අලුත්ගම, දර්ගානගරය අඹගහ හන්දිය,ගල්හේන,වැලිපිටිය, කළුවාමෝදර, මොරගල්ල, හෙට්ටිමුල්ල, මස්සල, බේරුවල නගර සභා බල ප්‍රදේශ වන මග්ගොන, පයාගල උතුර හා දකුණ,කටුකුරුන්ද, නාගොඩ,දොඩංගොඩ, පිලමිනාවත්ත, උතුරු කළුතර, දකුණු කළුතර, වස්කඩුව, වාද්දුව, තල්පිටිය එම ප්‍රදේශයි.

මෙම ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කර සිදු වන අපහසුතාව මග හැර ගැනීමට කාරුණික වන ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කරයි.

 



අදහස් (0)

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 105 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 910 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site