IMG-LOGO

කළුගල් කොරියේ හිමිකරුට ඇප ලැබීමට විරෝධය පා නිහඬ විරෝධතාවයක්

 

(රංජත් කරුණාවීර)

සොරබොරවැව, කෝවිල්යාය ගම්මානයේ කළුගල් කොරියේ හිමිකරුට ඇප ලබාදීමට විරෝධය පා මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (21) නිහඬ විරෝධතාවයක නිරතවුහ.

මහියංගණ සොරබොරවැවට හානිවන ලෙස ප්‍රදේශවාසීන්ට කරදරකාරී අයුරින් මෙම ගල්කොරිය පවත්වාගෙන ගොස් තිබේ.

පසුගිය 14 වැනිදා හිමිනමකට හා ගම්වාසීන් තිදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කොරියේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

නඩුව යළි අද කැඳවූ අවස්ථාවේ දී ගල්කොරියේ හිමිකරු වන කමල් විදානගමගේ මුදලින් රුපියල් 2500 ක්, ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහියංගණ මහේස්ත්‍රාත් ඒ. ඒ. ප්‍රියංකර ලක්ෂමන් මහතා නියෝග කළේය.

ඇප ලැබීමෙන් පසු ගල් කොරියේ හිමිකරු මාධ්‍යට අදහස් දැක්වීමකින් තොරවම උසාවි භූමියේ සිටම රථයක නැගී පිටව ගියේය.

අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයේ යෙදී මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් මෙසේ ප්‍රකාශ කළේය.

පහරදීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයන් හා පහරදීමට පැමිණි රථය මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, පොලිසිය නිසි රාජකාරිය මෙම සිද්ධියේ දී සිදු නොකරන බවත්ය.



අදහස් (0)

කළුගල් කොරියේ හිමිකරුට ඇප ලැබීමට විරෝධය පා නිහඬ විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 179 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site