(අනීෂා මානගේ)
කතරගම කරවිලේ ප්‍රදේශයේ තිබූ කංසා හේනක් වටලා, ගිනි අවියක්ද සමඟ සැකකරුවකු අද(11) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති.
අත්අඩංගුවට පත්ව ඇත්තේ සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.
කතරගම කරවිලේ අඩවි වන කාර්යාලයේ සිට කිලෝමීටර තුනක් පමණ දුරින් මහ වනය මැද වගා කළ අක්කර කාලක පමණ කංසා හේනක් මෙලෙස වටලනු ලැබීය.
අඩි හතරක් පමණ උසින් වැඩී තිබූ කංසා ශාක විශාල ප්‍රමාණයක් ගලවා විනාශ කිරීමට නිලධාරීහු සමත් වූහ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනිඅවිය වැඩිදුර පරීක්ෂණ සඳහා කතරගම පොලිස් ස්ථානයට බාර දී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කංසා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට
හෙන ගහන අපරාද Wednesday, 11 December 2019 04:39 PM
අපරාද. කංසා කියන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් එක මාධ්‍යක්. හරි හමන් හොයා බැලීමක් නෑ සුද්දගේ නීති වලට යට වෙලා සිගරට් වලට මිනිස්සු මැරෙන්න අරිනවා. අන්න දැන් සුද්දා හෝ ගාලා තහනම අයින් කරන් ඉන්නවා. මෙහෙ අය තාම ගල් යුගේ. මොලයක් තියෙන අලුත් ජනපතිතුමාටවත් මේක පේනවා නම් ලොකු දෙයක්. වගකීමෙන් කියනවා කංසා ලංකාවේ නීතිගත කලොත් හෙරොයින් අයිස් පෙති වගේ මරණිය මත්ද්‍රව්‍ය සියට අනුපහකින් විතර අඩු වෙනවා ඒ එක පැත්තක්. මම කියනවට නෙමේ ගුගල් තියෙනවනේ සර්ච් කරලා බලන්න සාම්ප්‍රදායිකව බලලා බැනබැන යන්න කලින්. අපි සැහෙන්න මුලාවකට දාලා සුද්ද ගියේ දැන් වත් ගොඩ එමු.