(ඩී.කේ.රත්න)
තණමල්විල සූරියආර ප‍්‍රදේශයේ කෙසෙල් වගා කරන මුවාවෙන් කංසා වගාකරමින් සිටි පුද්ගලයෙකු කංසා පැළ 780ක් සමග අද (7) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල සූරියආර 19වයේ කණුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා කෙසෙල් වගාකරන අතර, පිටතට නොපෙනෙන පරිදි මෙම කංසා පැළ වගා සකර ඇතැයි පොලීසිය කියයි.
සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කංසා පැළ 780ක් සමග අයෙක් අත්අඩංගුවට