(ඩී.කේ.රත්න)
කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේදී කංසා පැළ 2000 ක් සමග පුද්ගලයෙකු බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් අද (18) අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙකි.
බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලැබුණු කොරතුරකට අනුව කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
කංසා හේනේ කංසා පැළ අඩි 7ක් පමණ උසට ඉතා සරුවට වැවී තිබූ බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොස්ලන්ද පොලීසියට බාරදී ඇත.
නොස්ලන්ද පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාංසා පැළ 2000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට