(ඩී.කේ.රත්න)
තණමල්විල බලහරුව ප‍්‍රදේශයේ රක්ෂිතයක එළවළු වගා කරන මුවාවෙන් කංසා වගා කළ පුද්ගලයෙකු අද (13) කංසා පැළ 1500 ක් සමග උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
වැල්ලවාය පාර බලහරුව පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු මෙම කංසා පැළ සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම කංසා හේන වටලන අවස්ථාවේදී අඩි හතරක් පමණ උසට කංසා ගස් වැවී තිබූ බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කංසා තොගය වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට තණමල්විල පොලීසියට බාරදී තිබේ.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කංසා පැළ 1500ක් සමඟ අයෙකු අත්අඩංගුවට